විද්‍යා දීපය දල්වා තිමිර මුදා හැර
විද්‍යාලෝකය පතුරන හෙළ මව් දෙරණත
විනේය ජන සමාජයක ඔබ වේ උල්පත
ජනාධිපති බාලිකා විදුහල් ජනනිය
නව විදු නැණ ගණිත මිනිත ශිල්ප නිපුණතා
භාෂා සාහිත කවි නළු රස ප්‍රවීණතා
සාදා දුන මැනවි නිබඳ
පාසල් මෑණියනි අපට
වඳිමු ඔබෙ දෙපා
අකුටිල වී යුක්තිය අබියස සිරස නමා
සාර දහම් දැන විරියෙන් කෙළි මඩුළු දිනා
ජීවිතයේ අරුත පසිඳ
පාදා දෙන් මව්නි අපට
වඳිමු ඔබෙ දෙපා
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහයන්
ස්වර රටා : ගුරු උපදේශිකා ස්වර්ණා මොහොට්ටාල
2006.11.19